
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධ බ්‍රේක්සිට් ගිවිසුම පිළිබදව එරට පාර්ලිමේන්තුවේ තුන්වන වරටත් පැවති ඡන්දයෙන් අගමැතිනි තෙරේසා මේ පරාජයට පත්වී තිබෙනවා.
ඊයේ(29) පැවති ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරුන් ඇයගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ ඡන්ද 344 ට 286 ක් ලෙසයි. මීට පෙර දෙවරක්ම ඇය එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒවා ද පරාජයට පත්වුණා.
ඒ සමගම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය මෙන්ම තෙරේසා මේගේ අග්‍රාමාත්‍ය ධුරය ද අවදානමකට ලක්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
Post a Comment