Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෝර්වේ විදේශ කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් දිවයිනට  

Add comments

නෝර්වේ විදේශ කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්, අමාත්‍ය මරියානා හාගින් මෙනෙවිය දින දෙකක නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණීමට සැලසුම්කර තිබෙනවා.

ලබන 5 වනදා හා 6 වනදා මෙරට සංචාරය කරන ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි. එමෙන්ම අතුරුදන්වූවන්ගේ කොමිසන් සභාවේ නියෝජිතයන් මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවීමට ද සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

නෝර්වේ විදේශ කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්වරියගේ ශ්‍රී ලංකා සංචාරයේ දී උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ද නිරීක්ෂණය කිරිමට නියමිතයි.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG