
ඉන්දුනීසියාවේ කඩා වැටුණු රන් පතලේ සිරවූවන් සොයා තවමත් මෙහෙයුම් ක‍්‍රියාවට නැංවෙනවා.
හය දෙනෙකු මියගිය බවයි වාර්තා වුණේ. අනතුරට ලක්වූ 19 දෙනෙකු බේරාගැනීමට සහන කණ්ඩායම් වලට හැකිවුණා. කම්කරුවන් 40 දෙනෙකු පමණ පතලේ සිරව ඇති බවටයි විශ්වාසය.
උතුරු සුලවෙසි ප‍්‍රාන්තයේ පිහිටි නීතිවිරෝධී පතලක් මෙලෙස කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Post a Comment