Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ පළාත් 09 කට දුම් වලාවකින් බලපෑම්  

Add comments

තායිලන්තයේ උතුරු ප්‍රදේශයේ පළාත් නවයකට දුම් වලාවකින් බලපෑම් එල්ලවී තිබෙනවා.

පවතින අධික දුම හේතුවෙන් තායිලන්තයේ මිලියන දෙකකට ආසන්න ජනතාවක් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ජනතාවට නිවාස තුළ සිටින ලෙසත් එළිමහනේ ගැවසෙන්නේ නම් මුහුණු ආවරණයක් පළදින ලෙසත් එරට කාලගුණ අංශ උපදෙස් ලබාදී තිබෙනවා. මේ අතර මෙවර ආසියානු සමුළුව පැවැත්වෙන්නේද තායිලන්තයේදීයී. ආසියා රටවල මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරුන් ඊට සහභාගිවීමට නියමිතයි. නිකුත්කර ඇති අනතුරු ඇගවීම් හේතුවෙන් මෙම පිරිසට විශේෂ මුහුණු ආවරණ සකස් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. සමුළුව පැවැත්වීමට නියමිත චියැංරායි නගරයේ වායු තත්ත්ව දර්ශකය 240 ත් 250 ත් අතර පවතිනවා.

තුර්කි මැතිවරණයේ දිස්ත්‍රික් 8 ක ඡන්ද නැවත ගණන් කිරීමට එරට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ,එරට ජනාධිපතිගේ ඒ කේ පක්ෂය එල්ලකරන චෝදනා හේතුවෙනුයි. මේ වනවිට පාලක පක්ෂයට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිව තිබෙන්නේ එරට ප්‍රධාන විපක්ෂයටයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG