
සරසවි සිසු පා ගමනක් විසුරුවා හැරීමට පොලීසියට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වුණා. ඒ එම සිසුන් පොලිස් අණ නොතකා පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදීයී. කලහකාරීව හැසිරුනු සිසුන් 13 දෙනෙකු පොලිස් භාරයට ගෙන පසුව මුදා හැරුණා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසකුයි මෙම විරෝධතාවට එක්ව සිටියේ. රාජගිරිය දේශීය වෛද්‍ය පීඨය අසලින් ආරම්භ කළ පාගමන පාර්ලිමේන්කු වටරවුම දක්වා පැමිණියා. එහිදී සිසුන් පාර්ලිමේන්තුව දෙසට ගමන්කිරීමට උත්සාහ දැරීමේදී පොලීසිය මාර්ග බාධක යොදා එය වැළැක්වීමට කටයුතු කළා. එහිදී ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීමටයි පොලීසියට ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණේ. උද්ඝෝෂණය හේතුවෙන් බත්තරමුල්ල, රාජගිරිය අවට දැඩි රථ වාහන තදබදයක් ද පැවතුණා. උද්ඝෝෂණය අතරතුරදී කලහකාරී ලෙස හැසිරුණු සිසුන් 13 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබෙනවා.
Post a Comment