
පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැගව සිටීමට හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල දී ඇති බවට තහවුරු වී ඇති බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. සැකකරු නාවික හමුදා මූලස්ථානයේ සිටි බවටත් ඉන් පිටතට නොපැමිණෙන ලෙස ඔහුට උපදෙස් ලබා දී තිබූ බවටත් පරික්‍ෂණවලදී හෙළි වූ බවයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියාසිටියේ. නාවික හමුදා පොදු අරමුදලින් රුපියල් ලක්‍ෂ 5 ක මුදලක් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට ලබා දීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බව ද මෙහිදී හෙළි කෙරුණා.
Post a Comment