Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රබර් සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක ආයෝජනයක්  

Add comments

තේ නිෂ්පාදනය උසස් තත්ත්වයකට පත්ව තිබෙන බවත් කුඩා තේ වතු හිමියන් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (3) අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

”චීනයේ හයිනාන් ප්‍රදේශයේ පිරිසක් ආවා, රබර් සඳහා විශාල ආයෝජනයක් කරන්න. ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ ලංකාවේ රබර් කර්මාන්තයට ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ රුපියල ශක්තිමත් කරන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. තේවලට විශාල අර්බුදයක් තියෙනවා කියා ඒත්තු ගන්වන්න හදනවා. අපේ තේ නිෂ්පාදනය උසස් තත්ත්වයක තිබෙනවා. 2018 තේ නිෂ්පාදනය මිලියන 303කට වැඩි වුනා.තේ නිෂ්පාදනය මිලියන 330ට වැඩි කළ යුතුයි.

අපේ තේ,සම්ප්‍රදායික කළු තේ නිෂ්පාදනය වන්නේ අපේ රටෙයි.එය ආමතක කරන්න එපා.සේවා ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පරිවර්ථනය වී තිබෙනවා. කුඩා තේ වතු නිෂ්පාදනය වැඩි වෙලා තිබෙනවා. කුඩා තේ වතු  නිෂ්පාදකයන්ට විශාල සහනාධාරයක් ලබාදී තිබෙනවා.අද තේ මිල රු. 581-600 අතර දෝළනය වෙනවා. ඉහල  මිලක් ලැබෙනවා. එය ආපේ ජයග්‍රහනයක් ලෙස දකිනවා.කුඩා තේ වතු හිමියන්ට පොහොර සහනාධාරය ලබදී  තිබෙනවා. කුඩා තේ වතු හිමියන්ට ශක්තිය ලබාදෙන්න රුපියල් මිලියන 30 වැය කරන්න බලාපොරොත්තු  වෙනවා. සීනි තේ කුඩු සමඟ මිශ්‍ර කිරීමට ඉඩ දෙන්නේ නෑ. සීනි තිබිය යුතු අවම ප්‍රමාණය විද්‍යාත්මකව හඳුනාගෙන  තිබෙනවා.

රබර් ක්ෂේත්‍රයේ මිල අඩුවීම කුඩා රබර් හිමියන්ට විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.දිගටම සහනාධාර ලබාදී  කොතැනින්ද අවසන් වෙන්නේ.දැන් අප යන්නේ අඩු මිලක් තිබෙන කාලයකයි. ඉදිරියේ දී මිල වැඩි වෙයි කියලා  බලාපොරොත්තු වෙනවා.”

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG