
රුපියල් මිලියන 30 ක මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණා.
නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වීමට ඇති බැවින් නඩු විභාගය කල් තැබීමටයි මහාධිකරන විනිසුරුවරයා තීරණය කළේ. ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 07 වනදාට කල් තැබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගහරමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික පොලීසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා.
Post a Comment