
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමගේ ඇතිවූ ජල කාන්දුවෙන් බලපෑමට ලක්වූවන්ට තවත් සහනයක් සැලසීමට තීරණය කර තිබෙනවා.
අවතැන්වූවන් යළි පදිංචි කිරිමට බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ හදුනාගෙන ඇති ඉඩමට අදාල කටයුතු අවසන් වන තෙක් ගෙවල් කුලී දීමනාව තවත් මාස තුනකින් දීර්ඝ කිරිමටයි සැලසුම් අර ඇත්තේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා. විකල්ප ඉඩම් ලබාදෙන තෙක් මාසික නිවාස කුලිය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙරද අනුමැතිය ලබාදුන්නා.
Post a Comment