
කාර්මික නිශ්පාදනවල ඉහළයාමක් පෙන්නුම්කරන බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 2018 වසරේ පෙබරවාරි මස නිශ්පාදනවලට සාපේක්ෂව මේ වසරේ පෙබරවාරි මස නිශ්පාදන කර්මාන්ත අංශයෙහි කාර්මික නිශ්පාදන දර්ශකයේ සියයට බින්දුවයි දශම පහක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
කාර්මික නිශ්පාදන දර්ශකය ඇතුළත්ව, ආර්ථික දර්ශකය ගණනය කරන්නේ ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවයි. නිශ්පාදන කර්මාන්ත සැලකීමේ දී කාන්ඩ විස්සක් අතුරෙන් නිශ්පාදන කාණ්ඩ අටක්ම ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. අගුරු නිශ්පාදනය සහ ඛණිජතෙල් ද්‍රව්‍ය පිරිපහදුව, කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය නිශ්පාදනය සහ රෙදිපිළි නිශ්පාදනය මෙහිදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවද ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටිනවා.
Post a Comment