Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් රැසකට පස්වරුවේ තද වැසි  

Add comments

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, බස්නාහිර සහ උතුරු මැද පළාත්වල සහ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්වල තැනින් තැන පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පවසනවා.

මේ අතර ලබන 15 වනදා දක්වා මැදවච්චිය, පාලුකොටුවල, හොරව්පතාන, සහ චයිනා බේ යන ප්‍රදේශවල හිරු මුදුන්ව පවතිනවා.

මාස කිහිපයක් පුරා පැවති නියගය නිමාකරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මහ වැසි ඇද හැලුනා. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බෙලිඅත්ත නගරයේ සුළු විදුලි බිද වැටීම් කිහිපයක් ද වාර්තා වුණා. මේ හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යටව තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර නෝවුඩ් වෙන්චර් ප්‍රදේශයේ ධාරානිපාත වර්ෂාවත් සමග ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 10 කට පමණ හානි සිදුව තිබෙනවා. ඇතැම් නිවාසවල වහළවල අතුරා තිබූ ටකරන්, ඇස්බැස්ටෝස් ෂීට් සුළගට ගසාගෙන ගොස් තිබෙනවා. ඇතැම් නිවාස තුලට ජලය කාන්දුවීම හේතුවෙන් පාසල් උපකරණ සහ මුළුතැන්ගෙයි භාණ්ඩ ඇතුළු භාණ්ඩ වලට හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පවුල් 10 ක සාමාජිකයින් 30 දෙනෙකු පමණ පීඩාවට ලක් වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG