Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතිහාසයේ වැඩිම ඇමෙරිකා මූල්‍ය ප්‍රදානය ශ්‍රී ලංකාවට  

Add comments

වසර 05 ක් තුළ ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම සදහා ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. මෙය ඇමෙරිකාව මෙරටට ලබා දුන් විශාලතම ආධාර මුදලයි.

ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවට අයත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය මෙම මුදල ප්‍රදානය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඊයේ (25) වොෂිංටන් නුවරදී මෙම තීරණයට එළඹි බවයි ජාතික සම්පත් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සදහන් කරන්නේ.

මේ යටතේ ප්‍රධාන ව්‍යාපෘති 03 ක් ක්‍රියාක්මක කිරීමට නියමිතයි. ඒ සදහා වසර 05 ක් කාලයක් ලබාදී තිබෙනවා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ විශේෂ ගමනා ගමන සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ව්‍යාපෘතියක්.

ඒ හරහා රථවාහන ගමනා ගමන වේගය වැඩි කිරීම,  අනතුරු අවම කිරීම,  රථවාහන තදබදය අවම කිරීම,  පෞද්ගලික ගමනාගමනය නව්‍යකරණය කිරීම ප්‍රධාන වනවා. මීට අමතරව සබරගමුව,  ඌව නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක් කොළඹ වෙළදපලට සම්බන්ධ කෙරෙන වටරවුම් මාර්ග වැඩිදියුණු කිරීම ද සිදු කෙරෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG