Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඌව පළාතේ සියලු වෛද්‍යවරුන් අද වැඩවර්ජනයක  

Add comments

ඌව පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් අද(03) දිනයේ සේවයෙන් ඉවත්ව සිටිනවා.

දෙමෝදර රෝහල් භූමිය හරහා නිවාස කිහිපයකට මාර්ගයක් ලබා ගැනීමට කළ උත්සාහයකදී ඇති වූ ගැටළුකාරී සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි වැඩවර්ජනය ආරම්භ කර තිබෙන්නේ. අදාළ සිදුවීමේදී බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට හා දෙමෝදර රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයාට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තම කාර්යාලයට කැදවා බැන වැදී ඇති බැවින් ඊට විරෝධය පළකරමිනුයි මෙම වැඩවර්ජනය ආරම්භකර ඇත්තේ.

අනතුරුව කිසියම් පුද්ගලයකු රෝහලේ වෛද්‍ය නිල නිවාසයට පහරදී අලාභ හානි සිදු කර තිබෙනවා. මේ සදහා වෘත්තීය සමිති 21 ක් සහයෝගය දක්වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල  දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කරනවා. මේ අතර දෙමෝදර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු සේවකයන් රාජකාරිවලින් ඉවත්ව රෝහල වසා දමා එහි යතුරු පොලීසියට භාරදීමට පසුගියදා කටයුතු කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG