ත‍්‍රස්තවාදි ප‍්‍රහාර මාලාවක් සැලසුම් කළ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව මැලේසියා පොලිසිය සදහන් කළා.
ඔවුන් අයිඑස් සංවිධානයට සම්බන්ධ බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.
ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරිමත් ඔවුන්ගේ සැලසුම් වලට ඇතුලත්.
ආගමික මධ්‍යස්ථාන හෝ විනෝදාත්මක වැඩසටහන් පැවැත්වෙන ස්ථාන වලට ඔවුන් ප‍්‍රහාර එල්ල කිරිමට සැලසුම් කර තිබූ බවටත් තොරතුරු හෙළිවුණා.
පසුගිය දිනවලදි ද මැලේසියා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙභෙයුම්වල නිරත වුණා. ඒ ඔවුන්ට ලැබී තිබුණු තොරතුරු වලට අනුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදුකරන බව ආරක්ෂක අංශ පවසනවා.
Post a Comment