ත්‍රස්ත අරමුණුවලට ඉඩ නොදී සාමය හා සංහිදයාව රැකගනිමින් රජයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හදවත් යා කරන රන්මාවත් වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා.
මහා මාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයකට අනුව හදවත් යා කරන රන් මාවත් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. රත්නපුර, මල්වල, ශ්‍රී පලාබද්දල මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රත්නපුර නගරය පසුකර යාමේ දී මෙය විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළ හැකියි. මාර්ග තදබදය අවම කිරීමද අරමුණයි. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා.
රත්නපුර, මුද්දුව දෙමුවාවත, නව පාලම ද අග්‍රාමාත්‍යවරයා අතින් මීට සමගාමීව ජනතා අයිතියට පැවරුණා. එම ස්ථානයේ තිබූ වසර 75කට වඩා පැරණි කම්බි පාලම වෙනුවෙන් මෙම නව පාලම මංතීරු දෙකකින් යුක්තව ඉදිකර තිබෙනවා. 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම පාලම සදහා රුපියල් මිලියන 182 ක මුදලක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වෙන් කර තිබුණා.
මේ අතර රන්මාවත් ව්‍යාපෘතියට සමගාමීව දිවයින පුරා ස්ථාන සියයක ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා. ගාල්ල අක්මීමන නාවින්න, නාරිදූව මාර්ගයේ බොකරමුල්ල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 174ක්.
රන්මාවත්, මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ මාතර, ගල්කන්ද, ඕවිටිගමුව මාර්ගයේ සංවර්ධන කටයුතු ද ආරම්භ කෙරුණා. කිරින්ද කඹුරුපිටිය හා මාතර, හක්මන යන ප්‍රධාන මාර්ග යා කෙරෙන මෙම මාර්ගය සංවර්ධනය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 200ක්.
ඇඹිලිපිටිය, මිද්දෙණිය මාර්ගය සහ ඇඹිලිපිටිය නව නගරයේ ළමා පිටිය අසල සිට වැව් අතුර දක්වා මාර්ග සංවර්ධනය කෙරෙනවා. මෙම මාර්ග සංවර්ධනය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 517ක්.

Post a Comment