රට තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට ප්‍රතිකාර මෙන්ම නිවාරණ අංශ ද ශක්තිමත් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
එබැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම්වල දී රෝග වැළැක්වීමේ සහ නිවාරණය කිරීමේ අංශ සඳහා ද ප්‍රමුඛතාවයක් හිමිවීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට ඉදිකරන ලද අංග සම්පූර්ණ නව රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (01) පස්වරුවේ එක් වෙමිනි.
නෙදර්ලන්ත ණය ආධාර යටතේ රුපියල් මිලියන 7000ක වියදමින් මෙම රෝහල ඉදිකර තිබෙන අතර, ඇඳන් 850කින් යුක්ත රෝහල නවීන වෛද්‍ය උපකරණ ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක, බාහිර රෝගි සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් සඳහා නව නිල නිවාසවලින් ද සමන්විත වේ.
රෝහලට යාබදව වකුගඩු කාන්දු පෙරණ ඒකකයක් ද ඉදිකරමින් පවතින අතර 2020 වන විට එහි කටයුතු අවසන් කිරිමට නියමිතය.
මෙම රෝහලේ ඉදිකිරීම් 2012 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර නව රෝහල ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
රෝහලේ ඇති විශේෂ CT scanner යන්ත්‍රය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, පා.ම මහින්ද අමරවීර, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ නෙදර්ලන්ත තානාපතිනි ජොන් ඩුරේනේවාඞ් (Jonne Doornewaard) ඉන්දියානු කොන්සියුලර් ජනරාල් ප්‍රේම් කුමාර් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
The post සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට ප්‍රතිකාර මෙන්ම නිවාරණ අංශ ද ශක්තිමත් විය යුතුයි appeared first on ITN News.
Post a Comment