Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසනීප වීම නිසා හේමසිරි හා පූජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙයි  

Add comments

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියේ නැහැ.

ඔවුන් අසනීප වීම ඊට හේතුවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් හේමසිරි ප්‍රනාන්දු  මහතා අසනීප වී ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැති බවයි දන්වා තිබුණේ. මේ අතර පූජිත් ජයසුන්දර මහතාද රෝගී වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මෙම දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දැනුම්දි තිබුණා. මෙම දෙදෙනා සිය රාජකාරි පැහැරහැර ඇති බවට නීතිපතිවරයා  චෝදනා එල්ල කළේ මීට දින 05 කට පෙරයි. එම චෝදනාවලට අදාළව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට කරුණු දක්වන ලෙස  නීතිපතිවරයා දැනුම් දී  තිබුණා.

 

The post අසනීප වීම නිසා හේමසිරි හා පූජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG