Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාපනය දිස්ත‍්‍රික්කයට සංවර්ධන ව්‍යාපෘති 2578 ක්  

Add comments

රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහන තුළින් මේ වන විට වැඩසටහන් දෙදහස් පන්සිය හැත්තෑ අටක් නිම කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. එහි සිව් වැනි දිනය වූ ඊයේ දිනය තුළ පමණක් මහජන සහන ව්‍යාපෘති 918 ක් ක්‍රියාත්මක කළ බව යාපනය දිසා ලේකම් එන් වේදනායහන් මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලය,යාපනය දිසා ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. සියලු රාජ්‍ය ආයතන සහභාගී කරගෙන සිදුකරන මෙම වැඩසටහන තුළින් යාපනය දිස්ත්‍රික් ජනතාවගේ ජීවන ගැටලු රැසකට විසදුම් සැලසෙන බව ද දිසා ලේකම්වරයා සදහන් කළා. ඒ මෙම වැඩසටහනේ ප්‍රගතිය දැනුම් දීමේ මාධ්‍ය හමුවකදීයි. යාපනය දිස්ත්‍රික්කයට සෘජුව බලපාන පානීය ජල ගැටලුවට සහ රැකී රක්ෂා ගැටලුවට මෙමගින් විසදුම් ලැබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නා.

 

 

 

 

The post යාපනය දිස්ත‍්‍රික්කයට සංවර්ධන ව්‍යාපෘති 2578 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG