Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අගෝස්තු 29,30 BMICH හිදී  

Add comments

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන “බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අගෝස්තු මස 29 සහ 30 දින වල බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාතන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම බතික් ලංකා ජාතික ප්‍රදර්ශනය විවෘත කෙරේ.

70 දශකයේ ඉතාමත් ඉහළ ආදායම් ලබමින් සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් මෙම බතික් කර්මාන්තය නැවතත් නඟා සිටුවමින් එම නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා ලෝක වෙළඳපලේ ඉහළ මිලක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟා සිටුවීම මඟින් ශක්තිමත් ව්‍යවසායකයන් රැසක් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

දිවයින පුරා සිටින බතික් කර්මාන්තකරුවන් හැට දෙනෙකු පමණ මෙම ප්‍රදර්ශනය සඳහා විශේෂ නිපැයුම් ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, සෑම දිනකම බතික් ඇඳුම් ආශ්‍රිතව මෝස්තර නිරූපන දැක්මක්ද, හොඳම බතික් නිර්මාණය තෝරා පළමු, දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගන්නා ජයග්‍රාහකයන්ට සම්මාන සහතික පිරිනැමිමට කටයුතු යොදා ඇති අතර, සහභාගීත්වය වෙනුවෙන් සහ සෑම ප්‍රදර්ශන කුටියක් සඳහාම වටිනා සහතිකපත් පිරිනැමීම ද සිදුවේ. පැය දෙකකට වරක් ලොතරැයි දිනුම් ඇඳීමක් සිදු කරනු ලබන අතර, ජයග්‍රහකයන් සඳහා වටිනා බතික් නිර්මාණ ත්‍යාග වශයෙන් පිරි නැමේ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණිය, අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තතන් රැසක් සහභාගිවීමට නියමිතය.

The post “බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අගෝස්තු 29,30 BMICH හිදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG