සිංගප්පූරු වෙළෙද ගිවිසුම, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සහ සුවසැරිය ගිලන් රථ සේවාව ගැන වැරදි මත සමාජගත වූ බව අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ෆාම්තෙල් කර්මාන්ත සංගමයේ ප්‍රථම වාර්ෂික මහ සභා රැස්වීම අමතමිනුයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ. සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ මෙම උත්සවය කොළඹදී පැවැත්වුණා. මෙහිදී තවදුරටත් අදහස් දැක් වු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ෆාම් තෙල් කර්මාන්තයේ ගැටලු ද සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර විසදුම් ලබාගත යුතු බවයි.
The post සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන වැරදි මත සමාජගත වුනා appeared first on ITN News.
Post a Comment