Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විනාඩි 32 න් කොටුවට යන සැහැල්ලු ගමන  

Add comments

මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. දුම්රිය ධාවනය සඳහා කණු ඉදිකරන ස්ථානයන් හි පූර්ව විශේෂ පරික්‍ෂණ සිදුකෙරෙන අතර එවැනි ස්ථාන 200 ක් පරික්‍ෂාවට ලක් කෙරෙනු ඇති. ඒ සඳහා විශේෂඥ දැනුම සහිත ආයතන 5 ක් එක්ව සිටිනවා.

මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර 16 ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදිකෙරෙන අතර සුඛෝපභෝගි සැහැල්ලු දුම්රිය සේවාවක් එහි ආරම්භ කිරීමටයි සැලසුම් කෙරෙන්නේ. ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම්පොළ 16ක් ඉදිකෙරෙනවා. දුම්රිය නඩත්තු හා සේවා අංගනයක් මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව ඉදිකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. කණු මත ඉදිවන දුම්රිය මාර්ගය මීටර 8යි දශම 4 ක පළලින් යුක්ත වන අතර මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය 2025 වසර වන විට ජනතාව සඳහා විවෘත කිරීමට හැකිවනු ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ධාවනය සඳහා දුම්රිය කට්ටල 25 ක් යොදා ගැනෙන අතර මැදිරි 4 කින් සමන්විත එහි වරකට මගීන් 800 ක් පමණ රැගෙන යා හැකියි. කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි 32 ක්. මෙම සැහැල්ලු දුම්රිය සේවාව පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වන අතර එමගින් වාහන අනතුරු ද අඩුවනු ඇති. ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල ඇමෙරිකා ඩොලර් බිලියන 2 යි දශම 2ක්.

 

The post විනාඩි 32 න් කොටුවට යන සැහැල්ලු ගමන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG