Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්බන්ධ නඩුව විභාගයට ගැනේ  

Add comments

නැව් සංස්ථාවට අයත් රුපියල් මිලියන 35ක රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරාය  හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා සම්බන්ධ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.

රංජිත් ප්‍රේමසිරි මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් සහ ඒ මහතා භාවිත කළ පරිගණකය පරික්ෂා කළ බවත් එහිදී මහා පරිමාණ මුදල් සංස්කරණය වීම් මෙන්ම දේපළ මිලදී ගැනීම් පිළිබද අනාවරණය වූ බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. අදාළ මූල්‍ය වංචාවට සම්බන්ධ බව කියන චීන සමාගමේ ප්‍රධානියා සහ ඔහුගේ පුත්‍රයාට අයත් බැංකු ගිණුම් කිහිපයක් පරික්ෂා කිරීමට මෙහිදී පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මෙහිදී නියෝග කළා.

The post වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්බන්ධ නඩුව විභාගයට ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG