වව්නියාව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට වැව් රැසක් සම්පූර්ණයෙන්ම සිදී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ගොවිතැන් සහ මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.
වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් 17න් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 32න් වැඩි ප්‍රමාණයක් මේ වන විට සිදී ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.එම දිස්ත්‍රික්කයේ කුඩා වැව් 743න් 740ක්ම අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම සිදී ගොස් තිබෙනවා. වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතුන හොත් ගැටලු රැසක් මතුවිය හැකි බවයි වව්නියාව දිස්ත්‍රික්කයේ ජනතාව පවසන්නේ.
The post වව්නියාව දිස්ත්‍රික්කයට වියළි කාලගුණයෙන් බලපෑම් appeared first on ITN News.
Post a Comment