යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ හතර වන දිනය අදයි. මහජන සුබසාධන වැඩසටහන් රැසක් අද දිනයේත් සංවිධාන කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධවයි රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් මට්ටමෙන් මෙතෙක් නොවිසදුනු මහජන ගැටළු විසදමින් සංවර්ධනය වේගවත් කිරීම වැඩසටහනේ අරමුණයි. යාපනය කයිතඩි ප්‍රදේශයේ ධීවර පවුල් 100කට ධීවර ආම්පන්න ලබා දීම සංකේතවත් කරමින් ධීවරයින් දස දෙනෙකුට ධීවර ආම්පන්න ලබා දීමට අද දිනයේදී කටයුතු කෙරුණා. එමෙන්ම වකුගඩු රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද අද දිනයේදී පැවැත්වෙනවා. අඩු ආදායම්ලාභී පවුල් වෙත ජල පෙරණ උපකරණ නොමිලේ ලබාදීමට ද කටයුතු කෙරුණා. රුපියල් ලක්ෂ 40 බැගින් වැය කරමින් ඇරඹෙන ජල පිරිපහදු ඒකක තුනක් සදහා මුල්ගල් තැබීම ද විශේෂත්වයක්. ලබන 29 වනදා දක්වා පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය හා ප්‍රගති සමාලෝචනය ලබන 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
The post රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ හතර වන දිනය අදයි appeared first on ITN News.
Post a Comment