අතීතයේ මෙන් ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සදහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
තන්තිරිමලේ පහළ මල්වතු ඔය හරස්කොට ඉදිකෙරෙන ජලාශ ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවයට අද එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ජන හදවත් යාකෙරෙන සංහිදියාවේ රන් දියවර වන තන්තිරිමලේ ජලාශය පහල මල්වතු ඔය හරස් කරමින් අනුරාධපුරයේ ඉදිවන විශාලතම ජලාශයයි. වසර 60 ක කාලයක් තුළ වැව් බැදි රාජ්‍යයේ ජනතාවගේ සිහිනය යථාර්ථයක් බවට පත්වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සදහා වෙන් කෙරුණු සමස්ථ ආයෝජනය රුපියල් කෝටි 2290 ක්. කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉදිකෙරෙන මෙම ජලාශයෙන් වඩාත් අර්ථවත් හෙට දවසක් උදාකර දීම රජයේ අපේක්ෂාවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැතිඇමතිවරුන් විශාල පිරිසක් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතිය සදහා මුල්ගල තැබීම සිදු කළා. මෙම දැවැන්ත වාරි ව්‍යාපෘතිය වසර තුනක් තුළ ජනතාවට දායාද කිරීම සිදුවනු ඇති. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, උතුරු නැගෙනහිර දෙපලාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන යන ස්වාමීන්වහන්සේ , මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා.


The post අගමැතිගේ ආර්ථික සිහිනය appeared first on ITN News.
Post a Comment