ඇමර්සන් වැසි වනාන්තරයේ ඇති වී තිබෙන ගිනි නිවා දැමීම සඳහා තාක්ෂණික සහ මූල්‍ය උපකාර සිදු කිරීම පිළිබඳ G7 සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයින් සාකච්ඡා කර තිබෙනවා.
බොහෝ දුරට ඔවුන් මෙම තීරණයට එකඟත්වය පල කරනු ඇති බවටයි වාර්තා වන්නේ. ඇමෙරිකාව , ජපානය , ජර්මනිය , ප්‍රංශය , ඉතාලිය ,බ්‍රිතාන්‍යය සහ කැනඩාව මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙම තත්ත්වය ජාත්‍යන්තර අර්බුධයක් බවට සළකා සාකච්ඡා ආරම්භ කළ බවයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ. සාකච්ඡාවේ පළමු වටයෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් ඇමර්සන් වැසි වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 10 ක් ලබාදීමට එකඟ වී තිබෙනවා.
The post ඇමර්සන් ගිනි නිවීම ගැන G7 සමුළුවේත් අවධානය appeared first on ITN News.
Post a Comment