Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ‍්‍රසීලය ජී හත මුල්‍යාධාර ප‍්‍රතික්ෂේප කරයි  

Add comments

ඇමසන්  ගින්න පාලනයට ජී හත රටවල ආධාර ලබානොගන්නා බව බ‍්‍රසීලය ප‍්‍රකාශ කළා.

යුරෝ මිලියන 18 ක මුදලක් මුලික අදියරේදී නිදහස් කරන බවයි ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ප‍්‍රකාශ කළේ. ඇමරිකා ඩොලර් මිලියන 40 කට වැඩි මුදලක් ගින්න පාලනය සදහා ලබාදීමට ජී හත සමුළු නායකයන් තීරණය කළා. එහෙත් එය ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවයි බ‍්‍රසීලය පවසන්නේ.

ප‍්‍රංශය තවමත් බ‍්‍රසීලය තමන්ගේ ජනපදයක් ලෙසට සලකා කටයුතු කරන බවයි බ‍්‍රසීල ජනාධිපතිවරයා සදහන් කළේ. එම මුදල යුරෝපයේ වනාන්තර ඇතිකිරිම සදහා යොදාගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා. මේවන විටත් ගින්න නිවාදැමීම සදහා බ‍්‍රසීලය සෙබලුන් හතලිස් හතර දහසක් යොදවා තිබෙනවා.

The post බ‍්‍රසීලය ජී හත මුල්‍යාධාර ප‍්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG