Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් විවාහ මංගල උත්සවයට සහභාගී වූ බොහෝ දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන්. ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැහැ. එම ප්‍රදේශය ශියා මුස්ලිම්වරුන් බහුලව ජීවත්වන ප්‍රදේශයක් බැවින් ඔවුන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ලවන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මීට දින 10 කට පෙර කාබුල් නුවර පොලිස් ස්ථානයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් 150 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

 

The post කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG