ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් යන මහත්වරුන් අතර හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා.
උතුරු පළාත් ජනතාවගේ වත්මන් තත්ත්වය පිලිබද මෙන්ම පාස්කු ප්‍රහාරයන් පසුව සිදුව ඇති වාතාවරණය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. උතුරු පළාතේ වත්මන් තත්ත්වය සහ එහි සිදු වන සංවර්ධන ක්‍රියාවලිය පිලිබද ආණ්ඩුකාරවරයා මහකොමසාරිස්වරයා දැනුවත් කළා. කැනේඩියානු ඒකාබද්ධ ගැටුම් විශ්ලේෂණ ක්‍රියාවලියේ නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා.
The post ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් appeared first on ITN News.
Post a Comment