පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබද ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් හි මහලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ප්‍රශංසාව පළ කළා.
ඉන්ටර්පෝල්හි මහලේකම්වරයා ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදීයි මෙසේ පැසසුමට ලක්කර ඇත්තේ.
දිවයිනට පැමිණ සිටින ඉන්ටර්පෝල්හි මහ ලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුනා. එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාර්ථක පියවර ගැනීමට කටයුතු කළ ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ සහ ශ්‍රී ලංකා පොලීසිය වෙත සිය ප්‍රසංශාව පළකර සිටියා. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් මාලාවේ පසු විමර්ශන කටයුතු සදහා සහාය ලබාදෙන ලෙස ඉන්ටර්පෝල් වෙතින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබද එහි මහලේකම්වරයාට ජනාධිපතිතුමා ස්තූතිය පළකළා.
ඉන්ටර්පෝල් මහ ලේකම්වරයා සදහන් කළේ ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ නිලධාරීන් ඉතා ඉහළ වෘත්තීයමයභාවයකින් ක්‍රියාකරන බවත් ඉන්ටර්පෝල් විශේෂඥයාට අවශ්‍ය පූර්ණ සහාය ඔවුන්ගෙන් හිමිවූ බවයි. විදේශ රටවල සැගවසිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මූල්‍ය අපරාධකරුවන් පිටුවහල් කිරීම ඇතුළු අදාළ මෙහෙයුම් සදහා තවදුරටත් සහාය වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ජර්ගන් ස්ටොක් මහතාගෙන් ඉල්ලීමක් කළා. ඒ මහතා ඊට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බවට එහිදී ජනාධිපතිතුමාට සහතික වුණා.
මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ලබාගැනීම, නීතිය බලගන්වන නිලධාරීන්ට අවශ්‍ය විශේෂ දැනුම ලබාදීම ආදී කටයුතු සදහා ඉදිරියේ දී ගිවිසුමකට එළඹීම පිළිබදවද මෙහිදී අවධානයට ලක්වූ කරුණු අතර වනවා.
The post පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව ක්‍රියා කළ ආකාරය ඉන්ටර්පෝල්ගේ පැසසුමට appeared first on ITN News.
Post a Comment