තිස් වසරක යුද්ධය නිම කර රට බේරාගත් රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සීමා මායිම් නොමැතිව යුතුකම් ඉටු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රණවිරු නීරෝගම උදාගම්මානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
ආනමඩුව තම්මැන්නාගම ඉදිකළ රණවිරු නීරෝගම උදාගම්මානය ජනතා අයිතියට පත් කෙරුනේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නිවාස 36කින් සමන්විත එම ගම්මානය සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 568ක්.
සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ද මීට සමගාමීව සංවිධාන කර තිබූ අතර රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර හා හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
The post රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සීමා මායිම් නොමැතිව යුතුකම් ඉටු කරනවා appeared first on ITN News.
Post a Comment