ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළි කුණාටුවෙන් පුද්ගලයින් 140ක් පමණ තුවාල ලබා සිටින බව සදහන්.
වසර 60 කින් අනතුරුව ජපානයට බලපෑ දරුණුතම සුළිකුණාටුව මෙය බවයි වාර්තා වන්නේ. ටෝකියෝ නගරයෙන් පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. විපතට පත්වූවන් බේරා ගැනීම සදහා විසිහත් දහසක සහන සේවකයින් පිරිසක් අනුයුක්ත කර ඇති බවයි ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ප්‍රකාශ කළේ. සුළි කුණාටුව හේතුවෙන් ගමනාගමනයට ද බාධා එල්ලවී තිබෙනවා. අභ්‍යන්තර ගුවන් ගමන් 500 ක් සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 150ක් අවලංගු කර ඇති බව සදහන්. මේ අතර ජපානයේ ටෝකියෝ අගනුවරට නැගෙනහිරින් වූ චිබා ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ ඒකක පහයි දශම හතක භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ගොඩනැගිලිවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
The post ජපාන සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment