ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ පැමිණිලි 84ක් ලැබි ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
එම පැමිණිලි අතර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා දෙකක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 73ක් වාර්තා වනවා. ඊට අමතරව වෙනත් පැමිණිලි 09ක් ද මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා. පසුගිය 08 වනදා සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 459ක් වාර්තා වුණා. ඉන් පැමිණිලි 433ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් බවයි කොමිෂන් සභාව ප‍්‍රකාශ කළේ.
The post ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 84ක් appeared first on ITN News.
Post a Comment