Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සජින් වාස්ගේ නඩුවේ සාක්‍ෂිකරුවන් 5 දෙනෙකුට අධිකරණයෙන් සිතාසි  

Add comments

සජින් වාස් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදි නීති විරෝධීව රුපියල් කෝටි 30 කට අධික මුදලක් අත්පත්කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි යන චෝදනා මත ගොනු කළ නඩුව ලබන වසරේ පෙබරවාරි 25 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පෙබරවාරි 25 වනදා සිට 28 වනදා දක්වා කාලය තුළ විභාගයට ගැනීමට දින නියම කෙරුණා. ඒ අනුව නඩුවේ සාක්‍ෂිකරුවන් 5 දෙනෙකුට ඉදිරි දින පැමිණීමට අධිකරණය සිතාසි නිකුත් කළා. 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාට කොස්මෝස් යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවති බවට නීතිපතිවරයා චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වීමෙන් පසු එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්‍ෂ ධුරවලින් ඉවත්ව එම කොටස් බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කළ ද සජින් වාස් ගුණවර්ධන මහතා එම ව්‍යාපාර සඳහා සක්‍රීයව දායක වී ඇති බවට නීතිපතිවරයා චෝදනා කරනවා.

 

 

The post සජින් වාස්ගේ නඩුවේ සාක්‍ෂිකරුවන් 5 දෙනෙකුට අධිකරණයෙන් සිතාසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG