කැටලෝනියා බෙදුම්වාදී නායකයින්ට දීර්ඝ කාලීන සිර දඩුවම් ලබාදීමට විරෝධය පල කරමින් එරට වැසියන් උද්ඝෝෂණවල නිරත වනවා.
කැටලෝනියා බෙදුම්වාදී නායකයින් නව දෙනෙකුට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිර දඩුවම් නියම කිරීම මෙම විරෝධතාවලට හේතුවයි. ඒ සඳහා විශාල ජනතාවක් එක්ව සිටිනවා. විරෝධතා මැඩපැවැත්වීමට එරට පොලීසිය කදුලුගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් විරෝධතාකරුවන් හා පොලීසිය අතර උනුසුම් තත්ත්වයක්ද හට ගත්තා. බාසිලෝනාහි රජයේ ගොඩනැගිලිවලට ඇතුළු වීමට උත්හාස දරමින් මෙම පිරිස් කලහකාරී ලෙස හැසිර ඇති බවද සඳහන්.
The post කැටලෝනියා වැසියන් උද්ඝෝෂණයක appeared first on ITN News.
Post a Comment