ලෙබනනයේ ප්‍රදේශ රැසකට ලැව්ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
ලැව්ගිණි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. ලැව්ගිණි පැතිර යාමත් සමඟ සිදු වූ අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. 88 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ලෙබනනයේ ස්ථාන 104 ක පැය 24 ක් තුල මෙම ගිනිගැනීම් සිදුව ඇති බව සඳහන්. බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. රථවාහන මෙන්ම රජයේ ගොඩනැගිලි කිහිපයකට ගින්නෙන් හානි සිදු වුණා. ගිනි නිවීම සඳහා හෙලිකොප්ටර් යානාද යොදවා තිබෙනවා.
The post ලෙබනනයේ ප්‍රදේශ රැසක ලැව්ගිනි appeared first on ITN News.
Post a Comment