ජාත්‍යන්තරයේ කිසිදු බලවේගයකට තම රජය හිස නැමීමට සූදානම් නොමැති බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දඹදෙණිය නගරයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනහමු කිහිපයක් නිට්ටඹුව, මීරිගම, සහ දඹදෙණිය ප්‍රදේශවලදී පැවැත්වුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ සදහා එක්ව සිටියා.
නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මෙහිදි සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සදහා එක් වුනා.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල කතෝලික රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ඇතුළු කතෝලික පූජකතුමන්ලා බැහැ දුටුවා. ඒ කුරුණෑගල මල්කඩුවාව කතෝලික රදගුරු පල්ලියේදීයි. අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා.
The post ජාත්‍යන්තරයේ කිසිදු බලවේගයකට තම රජය හිස නැමීමට සූදානම් නැහැ appeared first on ITN News.
Post a Comment