දේශපාලන ගණිතයට අනුව තම අපේක්ෂකයා දිනවීමේ වැඩපිළිවෙළක් එක්සත් ජාතික පෙරමුණ සතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. බේරුවල ජනාධිපති මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බේරුවල ජනාධිපති මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා බේරුවල ආසනයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් කිහිප දෙනෙකුද මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වුණා.
The post දේශපාලන ගණිතයට අනුව අපේක්ෂකයා දිනවීමේ වැඩපිළිවෙළක් එජාපෙ සතුයි appeared first on ITN News.
Post a Comment