පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ වැඩ නිම කළ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කෙරුණා.
මැදිගිරිය දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් ඉදිකළ මහල් 07 කින් සමන්විත නිවාස සංකීර්ණය විවෘත කෙරුණේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. නිවාස 30 කින් සමන්විත එම ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් ලක්ෂ 783 ක්. මැදිරිගිරිය අඹගස්වැව ඉදිකළ නව ගොවිජන සේවා මධ්‍යස්ථානයද ජනතා අයිතියට පත් කෙරුණා. කලාපයේ ගොවි පවුල් 5498 කට සේවා සැළසෙන මෙම මධ්‍යස්ථානය සඳහා වැය කළ මුදල් රුපියල් ලක්ෂ 165 ක්.
මේ අතර ලංකාපුර මහාවිද්‍යාලයේ රුපියල් ලක්ෂ 67 ක වියදමෙන් ඉදිකළ නව පුස්තකාල ගොඩනැගිල්ලද සිසු අයිතයට පත් කෙරුණා. ඒ පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන්. ජයන්තිපුර යාය 13 සමගි සුබසාධක සමිතියේ බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉහල මහලේ ඉදිකිරීම් නිමකරමින් එයද ජනතා අයිතියට පත් කෙරුණේ මීට සමගාමීවයි. සිංහඋදාගම සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල පූරා කිරීමද සිදු වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
The post පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ වැඩ නිම කළ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment