ඇමෙරිකා ඩොලර් මිලියන දෙදහසක වියදමින් හික්කඩුව නගරය සංචාරක පුරයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකර තිබෙනවා.
ද්විතීයික නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක හික්කඩුව නගර සංවර්ධනය පිළිබද අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙන්නේ. මෙහි ප්‍රථම අදියර ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 550 ක වියදමින් හික්කඩුව නගරය සංවර්ධනය කිරීමට නියමිතයි.
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය සදහා විකල්ප මාර්ගයක් ඉදිකිරීම හා නෙළුව, තවලම, නාගොඩ සහ නියාගම යන නගර සංවර්ධනය ද මේ යටතේ සිදුකෙරෙනවා.
The post හික්කඩුව නගරය සංචාරක පුරයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment