අත්අඩංගුවට ගත් හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව.
මුන්නේෂ්වරම් ප‍්‍රදේශයේ පිහිටි දේවාලයක භාරකරුගෙන් රුපියල් එක්ලක්ෂ අනූදහසක් අල්ලස් ලෙස ලබාගැනීමයි ඔහුට එරෙහි චෝදනාව. සැකකරු එම දේවාලය තුළදීම අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සමත් වුණා.
දේවාලයේ තැන්පත් කර තිබූ වාලම්පූරියක් අස්ථානගතවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ. සැකකරු ලබන 4 වනදා කොළඹ මභෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.
The post අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයා ලබන 4 වනදා තෙක් රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment