ඉරාකයේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉරානයට චෝදනා එල්ලකරනවා.
ඇමෙරිකා ගුවන් ප්‍රහාරයකින් ඉරාක ස්වෙච්ඡා හමුදාවේ සාමාජිකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. එම සිද්ධිය මුල්කර ගනිමින් ඉරාකයේ ප්‍රදේශ රැසකම උද්ඝෝෂණ පැවති අතර ඊට එක්වූ පිරිස් ඇමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ලකර තිබෙනවා. මෙය ඉරානය ඉතා සූක්ෂම ලෙස උද්ඝෝෂණකරුවන් පොළඹවා සිදුකළ ප්‍රහාරයක් බවයි ඇමෙරිකාව පවසන්නේ. සිද්ධියට සම්බන්ධ වූවන්ට වන්දි ගෙවීමට සිදුවන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනතුරු අඟවනවා.
The post ඇමෙරිකාවෙන් ඉරානයට චෝදනා appeared first on ITN News.
Post a Comment