පසුගිය රජය සමයේ රටට වේග හමුවේ ජනතාවගේ ජාතික හැගීම් වඩාත් ශක්තිමත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එල්ල වූ විජාතික බලපවසනවා. භික්ෂූන්වහන්සේ පන්දහසක් සදහා විද්‍යුත් ත්‍රිපිටකය පූජා කිරීමේ පිංකමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. පිංකම පැවැත්වුණේ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ත්‍රිපිටක ධර්මය පරිගණක ගතකොට 5000 ක් භික්ෂූණ් වහන්සේ උදෙසා පූජා කිරීමේ මෙම උත්සවය නම් කර තිබුණේ විබජ්ජවාද ධර්ම සම්භාෂණය යනුවෙනුයි. ථේරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීම අරමුණෙන් මෙම විභජ්ජවාදී ධර්ම සම්භාෂණය පැවැත්වුණා. ත්‍රිපිටකය විද්‍යුත් ත්‍රිපිටකයක් බවට පත් කර පූජා කිරීමයි මෙහිදී කෙරුණේ. තාක්ෂණයේ දියුණුවත් සමග දරුවන්ගේ ධර්ම ඥාණය වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි. උත්සවය පැවැත්වුණේ මහානායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදියි. සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක විබජ්ජවාදී දස අවුරුදු සැලැස්ම හා ථේරවාද ධර්ම ග්‍රන්ථ අරමුදල සදහා යෝජනා ජනාධිපතිතුමා වෙත පිරිනැමීමද මෙහිදි සිදු කෙරුණා. පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්වාමීන්වහවන්සේද මෙහිදී අනුශාසනාවක් කළා.
ජනාධිපති ගෝඨභාය රාපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහානායක හිමිවරුන්ට ටැබ් පරිගණක ගත කළ ත්‍රිපිටකය පිළිගැන්වුවා. කතානායක කරූ ජයසූරිය මහතා මෙන්ම මැතිඇමතිවරුන් සහ රණවිරුවන්ද මහාසංඝරත්නය උදෙසා විද්‍යුත් ත්‍රිපිටක පූජා කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද උත්සව සභාව ඇමතුවා.
The post භික්ෂූන්වහන්සේ පන්දහසක් උදෙසා විද්‍යුත් ත්‍රිපිටකය පූජා කිරීමේ පිංකම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment