කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්යාව මේ වන විට 427 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනෙන් පිටත දෙවන මරණයක් වාර්තා වුණා. ඒ හොංකොං රාජ්යයෙන්.
මේ අතර ශ්රී ලංකාව තුල කොරෝනා වෛරසය පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්ය අංශ අවධාරණය කරනවා.
කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත දෙවන මරණය හොං කොං රාජ්යයෙන් වාර්තා වූයේ වූහාන් හි සංචාරයක නිතරව පැමිණි අයෙකු සම්බන්ධවයි. ඔහු 39 හැවිරිද පුද්ගලයෙක්. චීනයෙන් පිටත පළමු මරණය පසුගියදා වාර්තා වූයේ පිලිපීනයෙන්.හොං කොං රාජ්යයෙන් කොරෝනා මරණයක් වාර්තා වීමක් සමඟ දේශසීමා වසා දමන ලෙස බලකරමින් විරෝධතා පැවැත්වෙනවා. මේ අතර චීනයේ වූහාන්හි සිටි තායිවාන ජාතිකයින් 500 දෙනෙකු පමණ ඉවත් කර ගැනීමට එරට රජයට හැකි වුණා. මේ වන වටි ලොව පුරා රටවල් 25 කට අධික සංඛ්යාකින් කොරෝනා වෛරස ආසාධිතයින් හමුවී තිබෙනවා. එම සංඛ්යාව 20438 ක්.
මේ අතර ශ්රී ලංකාව තුළ හඳුනාගත් එකම කොරෝනා වෛරස ආසාදිතයා චීන ජාතික කාන්තාවයි. ඇයද සුවය ලබා ඇති බැවින් අනවශ්ය බියක් ඇති කරගගත යුතු නැති බව සෞඛ්ය අංශ අවධාරණය කරනවා. ගුවන්තොටුපලේ අදාළ සෞඛ්ය ආරක්ෂක කටයුතුද අඛන්ඩවම ක්රියාත්මකයි. වූහාන්වල සිට රැගෙන විත් දියතලාවේ රඳවා සිටින ශ්රී ලාංකිකයන්ද සුවෙන් සිටින බවයි සෞඛ්ය අංශ තවදුරටත් පවසන්නේ.
The post කොරෝනා මරණ 427 දක්වා ඉහළට – චීනයෙන් පිට දෙවන මරණයත් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment