72 වන නිදහස වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 512 දෙනෙකුට නිදහස ලබා දීම අද සිදුකෙරුණා.
දඩ මුදල් ගෙවීමට නොහැකි වීම වැනි සුළු වැරදිවලට ලක්වූවන්ට මෙලෙස නිදහස හිමි වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ. කලුතර බන්ධනාගාරයේ සිටි රැඳවූවන් 64 දෙනෙකුට නිදහස ලබා දීම අද සිදුකෙරුණා. කලුතර බන්ධනාගාර අධිකාරි කිත්සිරි බණ්ඩාර මහතාගේ උපදෙස් මත පැල සිටුවීමේ වැඩසටහනක් ද මීට සමගාමීව පැවැත්වුණා.
වටරැක එළිමහන් සිරකඳවුරේ සිටි රැඳවූවන් 17 දෙනෙකුට අද නිදහස හිමිවුණා.
මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 7 දෙනෙකු වෙත අද නිදහස ලබා දුන්නේ ජනාධිපති පොදු සමාව යටතේයි. බන්ධනාගාර අධිකාරී සුජීව ජයසේකර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
බූස්ස බන්ධනාගාරයේ රැඳවූවන් 12 දෙනෙකුට නිදහස ලබා දීම අද සිදුකෙරුණේ බූස්ස බන්ධනාගාර අධිකාරි පුලිත මෙන්ඩිස් මහතාගේ ප්රධානත්වයෙන්.
මාතර බන්ධනාගාරයේ සිටි 8 දෙනෙකුට ද අද දිනයේ නිදහස හිමිවුණා. ඒ මාතර බන්ධනාගාර සහකාර කොමසාරිස් ඩබ්ලිව් ඒ ඩී සී කරුණාසේකර මහතාගේ අධීක්ෂණය යටතේයි.
The post ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 512 කට නිදහස appeared first on ITN News.
Post a Comment