වෙරළට නිදහස නිර්මාණාත්මක ජාතික වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරයේදී අද පැවැත්වුණා. වෙරළතීරයේ අපවිත්ර වූ ස්ථාන පවිත්ර කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ද ඊට සමගාමීව සිදුකෙරුණා.
ස්වාධීන රූපවාහිනියේ නවතම සංකල්පයක් ලෙසයි වෙරළට නිදහස වැඩසටහන ක්රියාත්මක කෙරුණේ. ගල්කිස්ස වෙරළ පරිශ්රයේ ගොඩගැසී තිබූ කැලිකසල ඉවත් කරමින් පිරිසිදු නිදහස් වෙරළතීරයක් නිර්මාණය කිරීම ද මෙහිදී සිදුකෙරුණා. වෙරළ තීරයෙන් ඔබ්බට ගොස් ගැඹුරු මුහුදේ තිබූ අපද්රව්ය ඉවත් කිරීම ද වැඩසටහනේ විශේෂත්වයක්. මේ සදහා ශ්රී ලංකා නාවික හමුදාවේ ඇතුළු පිහිනුම් ඒකක කිහිපයක් දායකත්වය ලබාදුන්නා.
ගෝ ශ්රී ලංකා පදනම, ජාතික ශිල්ප සභාව, වෙරළ ආරක්ෂණ හා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ දෙහිවල ගල්කිස්ස මහානගර සභාව ද වැඩසටහන සමග එක්ව සිටියා. රුක් රෝපණ වැඩසටහනක් ද මෙහිදී පැවැත්වුණා. ඒ ශිල්ප සමාජයට ගසක් සිටවමු යන තේමාවෙන්.
වැලි නිර්මාණ තරගයක් ද පැවැත්වුණේ මීට සමගාමීවයි. ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ සභාපති සුදත් රෝහණ, ප්රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක යන මහත්වරුන් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් ද වැඩසටහන සදහා සහාය වූ සියලු ආයතන නියෝජිතයින් ද එම අවස්ථාවට එක්ව සිටියා.
The post වෙරළට නිදහස නිර්මාණාත්මක ජාතික වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරයේදී appeared first on ITN News.

Post a Comment