Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නායකත්වයට අමතරව එජාපයට තවත් අර්බුදයක්  

Add comments

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයට අමතරව නව සන්ධානයේ ලේකම්වරයා පත් කිරීම ද අර්බුදයක් බවට පත්ව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලේකම් ධුරයට පත් නොකළ යුතු නම් හයක් දන්වා යවා තිබූ අතර එය නොසලකාහරිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම තනතුරට පත්කරනු ලැබුවා.

රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, නලීන් බණ්ඩාර මෙන්ම එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක නව සන්ධානයේ ලේකම් ධුරයට පත් නොකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා  දන්වා තිබූ බවයි වාර්තා වන්නේ. සන්ධානයේ තනතුරු පත් කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කළා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා එසේ ප්‍රකාශ කළත් අලියා සහ හංසයා යන ලකුණු දෙකම අතහැර නව ලකුණකින් මහ මැතිවරණයට ඉදිරිපත්වීම කෙරෙහි නව සන්ධානයේ අවධානය යොමුව ඇති බවද වාර්තා වනවා.

මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ අද දිනයේද මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ පිළිබද එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අදහස් පළකළා. තවත් ස්ථාන රැසකදී එජාප අර්බුදය පිළිබද අදහස් පළවුණා.

 

*

The post නායකත්වයට අමතරව එජාපයට තවත් අර්බුදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG