එච් අයි වී වෛරසයට බලපෑම් කළ හැකි අයුරින් අත්හදා බැලූ එන්නත අසාර්ථක බව විද්යාඥයන් පවසනවා.
ඒඩ්ස් රෝගය සඳහා බලපාන එච් අයි වී වෛරසය මර්දනය සඳහායි මෙම අත්හදා බැලීම සිදුකෙරුණේ. දකුණු අප්රිකාවේ පුද්ගලයන් පන්දහසකට එන්නත ලබා දුන්න ද ඉන් සාර්ථක ප්රතිඵල අත් නොවූ බව විද්යාඥයන් පවසනවා. එච් අයි වී වෛරසය ආසාදිත වූවන් වැඩි වශයෙන්ම වාර්තා වන්නේ දකුණු අප්රිකාවෙන්. කෙසේ වෙතත් මෙම අත්හදා බැලීම අඛණ්ඩවම සිදු කිරීම බලාපොරොත්තුව බවයි විද්යාඥයන් පවසන්නේ.
The post HIV වෛරසයට බලපෑම් කළ හැකි අයුරින් අත්හදා බැලූ එන්නත අසාර්ථකයි appeared first on ITN News.
Post a Comment