අද (01) දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් තුන්දෙනෙකු හදුනාගැණුනා.
ඒ අනුව මේ වනවිට මෙරට තහවුරු කළ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රෝගීන් 18 දෙනෙකු සුවය ලබා ඇති අතර දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. කෙරෝනා රෝගය තහවුරු කළ රෝගින් 123 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා ආසාදනය වී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ පුද්ගලයන් 5 දෙනෙකු තවමත් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කොරෝනා වැළඳුණු දෙදෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහලින් පිටව ගියා. ඒ අනුව මේ වන විට පුද්ගලයන් 18 දෙනෙකු සුවය ලබා තිබෙනවා. වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පුද්ගලයන් 231 දෙනෙකු තවමත් පසුවනවා.
අද වන විට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම රෝගීන් සංඛ්‍යාව 32 ක්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25 දෙනෙකු ද කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 24 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගින් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අතර ඊයේ (31) සොයාගත් කොරෝනා ආසාදිතයන් අතුරින් 10 දෙනෙකු පුත්තලම ප්‍රදේශයේ දේව මෙහෙයකට සහභාගි වූවන් බව සොයා ගැනුණා. ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සෙවිමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.
පුත්තලම සහිරා විද්‍යාලයේ නිරෝධායනයට ලක් කළ මෙම පිරිස යුද හමුදා ආරක්‍ෂාව යටතේ මුල්ලේරියාව රෝහලට ඇතුළත් කෙරුණා. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පුත්තලම කඩුමයාකුලම් ගම්මානයට ඇතුලු වන මාර්ග පහම වසා දමා ආරක්‍ෂාව තරකර තිබෙනවා.
මේ අතර කොරෝනා ආසාදනය වී මීගමුව ප්‍රදේශයේදී මිය ගිය පුද්ගලයා මීට පෙර ඇසුරු කළ පුද්ගලයන් 41 දෙනෙකු ද පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (31)දිනයේ යොමුකර තිබෙනවා.
සම්පූර්ණයෙන්ම වසා දමා ඇති මහනුවර අකුරණ ප්‍රදේශය හරහා ගමන් කිරීම පොලීසය මුළුමණින්ම තහනම් කර තිබෙනවා. එහි ආරක්‍ෂක කටයුතු දැඩිකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
ඉන්දියාවේ සිට පැමිණි දේවගැතිවරයෙකු හැටන් දික්ඔය දරවල ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයක පැවැත්වූ දේව මෙහෙයකට සහභාගි වූ පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. පවුල් 200 කට අයත් සාමාජිකයන් 900 දෙනෙකු පමණ මෙසේ ස්වයං නිරෝධායනයකට ලක් කිරීමටයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ක්‍රියා කළේ. බගවන්තලාව නෝර්වුඩ් පොලිස් වසම්වලට අයත් තවත් පුද්ගලයන් 66 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.
The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment