අම්ෆන් සුළිකුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පැයට කිලෝ මීටර් 185 ක වේගයෙන් හමා ගිය සුළිකුණාටුව හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනක් විනාශ වී ඇති බව වාර්තා වනවා.
මේ වන විට එම ප්‍රාන්තයේ පුද්ගලයින් ලක්ෂ 05 ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෝවිඩ් 19 වසංගත තත්ත්වයට වඩා දරුණු බලපෑමක් අම්ෆන් සුළිකුණාටුවෙන් සිය ප්‍රාන්තයට එල්ල වනු ඇති බව බටහිර බෙංගාල ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මම්තා බැනර්ජි පවසනවා.
The post ඉන්දියාවට රිංගූ අම්ෆන් ජීවිත 12 ක් බිලිගනී appeared first on ITN News.
Post a Comment